රුසියානු ජනපති පරීක්ෂණයක් කැඳවයි.
2012 ජූලි 08 ඉරිදා- පස්වරු 07:22
ඉදිරි පැය 48ක කාලය තුළ බි‍්‍රතාන්‍යයට ගං වතුර තත්ත්වක් ඇතිවීමේ අවධානමක් ප‍්‍රකාශයට පත් කර තිබෙනවා. මධ්‍යම බි‍්‍රතාන්‍යයට, නැගෙනහිර සහ බටහිර බි‍්‍රතාන්‍යයටයි මෙම ගං වතුර අවධානම ප‍්‍රකාශයට පත් කර ඇත්තේ. එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඉදිරියේ දී සිදුවිය හැකි විශාල කාලගුණ විපර්යාසයකින් අනතුරුව මෙම ගංවතුර ඇතිවීමේ හැකියාව පවතින බවයි. මෙම අනතුරු ඇගවීම බි‍්‍රතාන්‍ය ඉතිහාසයේ ඉහළතම කාලගුණික අනතුරු ඇඟයීම ලෙස ද විදෙස් වාර්තා සඳහන් කළා. මේ අතර, රුසියාවේ පසුගිය දා ඇති වූ ගං වතුර තත්ත්වය සම්බන්ධයෙන් එරට ජනාධිපති ව්ලැදිමිර් පුටින් පරීක්ෂණයක් කැදවා තිබෙනවා. ජනාධිපතිවරයා රජයට දැනුම් දී ඇත්තේ ගං වතුර තත්ත්වය සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය සහ ඊට අදාළව නිසි තීරණ ගත්තේ ද යන්න පිළිබද කරුණු ඉදිරිපත් කරන ලෙසයි. මීට දින කිහිපයකට පෙර රුසියාවේ ක්‍රොස්නොඩා ප‍්‍රාන්තයට ගං වතුර තත්ත්වයක් ඇති වුණා. ඒ හේතුවෙන් පුද්ගලයින් 150කට ආසන්න සංඛ්‍යාවක් මිය ගියා.
