ශ‍්‍රී ලන්කන් චීනයට වැඩි වාර ගණනක්.
2012 ජූලි 08 ඉරිදා- පස්වරු 07:30
ශ‍්‍රී ලන්කන් ගුවන් සේවය චීනය වෙත නව විශේෂ ගුවන් ගමන් වාර 21ක් ආරම්භ කර තිබෙනවා. චීනයේ බීජිං සහ ෂැංහායි යන ගුවන් තොටුපළවල් වෙතයි මෙම ගමන් වාර ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ. දෙරට අතර වැඩි වශයෙන් සංචාරකයින් ගමන් කරන බැවින් මෙම ගමන් වාර ප‍්‍රමාණය වැඩි කිරීමට තීරණය කර ඇති බවයි ශ‍්‍රී ලන්කන් ගුවන් සේවය සඳහන් කළේ. මීට පෙර ශ‍්‍රී ලන්කන් ගුවන් සේවය චීනයට ගුවන් ගමන් වාර 3කට පමණක් සීමා වී තිබුණා. මේ මස 15 වැනිදා සිට මෙම නව ගුවන් ගමන් වාර එක්වනු ඇති බවයි ශ‍්‍රී ලන්කන් ගුවන් සේවය වැඩිදුරටත් සඳහන් කළේ.
