ශ‍්‍රී ලංකාව 44 / 3යි.
2012 ජූලි 08 ඉරිදා- පස්වරු 07:32
සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි සහ අවසන් ටෙස්ට් තරගයේ පළමු දිනය නිමා වන විට ශ‍්‍රී ලංකා කණ්ඩායම කඩුලූ 3ක් දැවී ලකුණු 44ක් ලබා සිටිනවා. පාකිස්තාන කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් සියලූ දෙනා දැවී ලබා ගත් ලකුණු 226ක් ලබා ගත්තා. පාකිස්තාන ඉනිම වෙනුවෙන් අශාඞ් ෂෆීක් ලකුණු 75ක් ද, නායක මිෂ්බා උල් හක් ලකුණු 40ක් ද රැුස් කළා. දක්ෂ පන්දු යැවීමක නිරත වූ තිසර පෙරේරා ලකුණු 63කට කඩුලූ 4ක් බිද හෙළුෑ අතර, රංගන හේරත් කඩුලූ 3ක් බිද හෙළුවේ ලකුණු 40කටයි. ශ‍්‍රී ලංකා පළමු ඉනිමේ දී දිනේෂ් චන්දිමාල්, කුමාර් සංගක්කාර, නායක මහේල ජයවර්ධන අද දිනයේ අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගියා. ඒ අනුව පාකිස්තාන කණ්ඩායමට වඩා ශ‍්‍රී ලංකාව පසුවන්නේ කඩුලූ 7ක් අතැතිව ලකුණු 182ක් පිටුපසින්.
