ශ‍්‍රී ලංකා ඒ වෙනුවෙන් දිමුත් කරුණාරත්නගෙන් 99 ක්.
2012 ජූලි 09 සඳුදා- පෙරවරු 08:09
ශ‍්‍රී ලංකා ඒ පිල සහ දකුණු අප‍්‍රිකානු ඒ පිල අතර පැවැත්වෙන නිල නොවන සිව්දින ටෙස්ට් තරඟයේ දෙවන ඉනිම වෙනුවෙන් ශ‍්‍රී ලංකා ඒ කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 99 ක් ලබා සිටිනවා. මීට අමතරව දිමුත් කරුණාරත්න සිය පළමු ඉනිමේදී ලකුණු 83 ක් ද රැස් කිරීමට සමත් වුණා. ශ‍්‍රී ලංකා ඒ සහ දකුණු අප‍්‍රිකානු ඒ පිල අතර පැවැත්වෙන එම තරඟයේ පළමු ඉනිම සඳහා ශ‍්‍රී ලංකාව ලකුණු 336 ක් රැුස් කළ අතර දකුණු අප‍්‍රිකාව සිය පළමු ඉනිම සඳහා ලකුණු 290 ක් රැස් කළා. මේ අතර තරඟයේ තුන්වන දිනය ඊයේ නිමාවනවිට ශ‍්‍රී ලංකා ඒ කණ්ඩයම සිය දෙවන ඉනිම සඳහා කඩුලූ 3 ක් දැවී ලකුණු 217 ක් රැුස්කර සිටියා.
මේ අතර ශ‍්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක‍්‍රීඩාගංණයේ පැවැත්වෙන තුන්වන සහ අවසන් ටෙස්ට් තරඟයේ දෙවන දිනය අදයි. තරඟයේ පළමු දිනය වූ ඊයේ (09) පකිස්ථානය සිය පළමු ඉනිම සඳහා ලකුණු 226 ක් රැස් කළ අතර ශි‍්‍රී ලංකාව දිනය නිමාවනවිට සිය පළමු ඉනිම සඳහා ලකුණු කඩුලූ 3 කට ලකුණු 44 ක් ලබා සිටියා.
