ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තරයේ හුදකලා කළ යුතුයි - ෆොන්සේකා කියයි.
2012 ජූලි 09 සඳුදා- පස්වරු 12:30
ශ‍්‍රී ලංකා රජය ජාත්‍යන්තර වශයෙන් හුදකල කළ යුතු බව ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ නායක සරත් ෆොන්සේකා පවසනවා. බි‍්‍රතාන්‍ය ටෙලිග‍්‍රාෆ් පුවත් වෙබ් අඩවිය සමඟ සාකච්ඡවකට එක්වෙමිනුයි ඔහු මේ බව ප‍්‍රකාශ කර ඇත්තේ. මෙරට මානව හිමිකම් කඩවීම ඇතුළු රජයේ ජනතා විරෝධි ප‍්‍රතිපත්ති හේතුවෙන් ජාත්‍යන්තරය මෙම තීරණ ගත යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ. මීට අමතරව ශ‍්‍රී ලංකාව තුළ යලිත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීම සඳහා අරාබි වසන්තය වැනි ව්‍යාපාරයක් තමන් විසින් ආරම්භ කරන බව ද සරත් ෆොන්සේකා එම සාකච්ඡවේදී පවසා තිබෙනවා. මීට අමතරව, පසුගිය කාලයේ ශ‍්‍රී ලංකාවේ සිදු වූ කටුවන ඝාතන සිද්ධිය අකුරැස්සේ ළමා අපචාර සිද්ධිය වැනි සිද්ධීන් රැසක් පිළිබඳවද මෙහිදී සරත් ෆොන්සේකා ටෙලිග‍්‍රාෆ් පුවත් වෙබ් අඩවියේ මාධ්‍යවේදියා සමඟ සාකච්ඡ කර ඇති බව සඳහන්.
