දෙමළ ප‍්‍රශ්ණය තමිල්නාඩුවට විතරක් නෙමෙයි. - හරිහරන්.
2012 ජූලි 09 සඳුදා- පස්වරු 12:40
ශ‍්‍රී ලාංකික දෙමළ ජනතාවගේ ගැටළුව මේ වනවිට ඉන්දියාවේ තමිල්නාඩු රජයට පමණක් සීමානොවී මධ්‍යම රජයටද සංවේදී ගැටළුවක් වී ඇති බව ඉන්දීය යුද හමුදාවේ හිටපු ප‍්‍රධානියෙකු වන කර්නල් ආර්. හරිහරන් පවසනවා. 1987 ශ‍්‍රී ලංකාවට පැමිණි ඉන්දීය සාම සාධක හමුදාවේ ප‍්‍රධානියා ලෙසද කටයුතු කළ ඔහු ඉන්දීය යුද හමුදාවේ රහස් ඔත්තු ඒකකයේ දකුණු ආසියානු ප‍්‍රධානියා ලෙසද කටයුතු කළා. මේ වනවිට ශ‍්‍රී ලාංකික දෙමළ ජනතාවගේ ගැටලූව මූලික කාරණා 4 ක් තුළ ගොනුවී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ. ඒ අනුව තමිල් ඊලාම් රාජ්‍යයක් බිහිකිරීම, ශ‍්‍රී ලංකාවේ සිදුවී ඇති යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදුකරගැනීම, දේශපාලන විසඳුමක් ලබාගැනීම සහ ශී‍්‍රී ලංකාවට ආර්ථික සම්බාධක පැනවීම යන කාරණායි. කෙසේ වුවත් ඉතිහාසයට වඩා වර්තමානයේ ශ‍්‍රී ලාංකීය දෙමළ ජනතා ගැටලූව හරහා ඉන්දීය රජයට තමිල්නාඩු නායකයින්ට දැඩි බලපෑමක් එල්ල කළ හැකි බවයි ඔහු අවධාරණය කරන්නේ. ඒ හේතුවෙන් මේ වනවිට දෙමළ ඊළමක් බිහිකරගැනීමේ සටනේ නියැලෙන්නන්ගේ ආරක්ෂිත කලාපයක් බවට තමිල්නාඩුව යළිත් පත්ව ඇති බවද ඔහු පවසනවා.
මේ අතර එක්සත් ජාතික පක්ෂය කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීද මේ පිළිබඳව අදහස් පළ වුණා. එහිදී එම පක්ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගයන්ත කරුණාතිලක කියා සිටියේ තමිල්නාඩුව දිගින් දිගටම ශ‍්‍රී ලංකාවට එල්ල කරන බලපෑම් නැවැත්වීම සඳහා රජය රාජ්‍ය තාන්ත‍්‍රිකව කටයුතු කළ යුතු බවයි.
