සියලූම තේ කර්මාන්ත ශාලා ලාභ ලබනවාලූ.
2012 ජූලි 09 සඳුදා- පස්වරු 12:51
මෙරට තිබෙන තේ කර්මාන්ත ශාලා සියල්ලම පාහේ මේ වනවිට ලාභ ලබමින් පවතින බව වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විෂය භාර අමාත්‍ය මහින්ද සමරසිංහ සඳහන් කළේ තේ නිෂ්පාදනයෙන් මෙම කර්මාන්ත ශාලා ඉහළ ආදායමක් ලබාගනිමින් පවතින බවයි. ගිලීමලේ, හිනිඳුම, දැරණියගල ආදී ප‍්‍රදේශවල පිහිටි සියලූම තේ කර්මාන්තශාලා ඉහළම ලාභ ලබන කර්මාන්ත ශාලා බවට පත්වී තිබෙනවා. මීට අමතරව ලෝකයේ විශාලතම තේ කර්මාන්ත ශාලාව ඉදිරි වසරේ මෙරටදී ආරම්භ වන බවයි අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.
