කළුතර ඩිපෝ සේවකයින් 14 දෙනෙකුගේ සේවය අත්හිටුවයි.
2012 ජූලි 09 සඳුදා- පස්වරු 02:11
සේවයට වාර්තා නොකළ බව පවසමින් ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කළුතර ඩිපෝ සේවකයින් 14 දෙනෙකුගේ සේවය ඩිපෝ බලධාරීන් විසින් අත්හිටුවා ඇතැයි සමස්ත ලංකා ප‍්‍රවාහන සේවක සංගමය පවසනවා. එම සංගමයේ ප‍්‍රධාන ලේකම් සේපාල ලියනගේ ප‍්‍රවාහන අමාත්‍යවරයා වෙත ලිපියක් යවමින් ඉල්ලා සිටින්නේ මෙම තහනම ඉවත් කිරිම සඳහා කඩිනමින් මැදිහත්වන ලෙසයි. මෙම වසරේ අපේ‍්‍රල් මාසයේ මාසික වේතනය නොලැබීම හේතුවෙන් පසුගිය මැයි මස 29 වැනිදා සිට දින කීපයක් කළුතර ඩිපෝ සේවකයින් වෘත්තීය ක‍්‍රියාමාර්ගයක නිරත වුණා. පසුව ජනාධිපති කාර්යාලයෙන් ලැබුණු පොරොන්දුවක් මත ජූනි 08 වැනි දින එම වෘත්තීය ක‍්‍රියාමාර්ගය අත්හිටවූ අතර පසුදින සිට සේවකයින් යළිත් සේවයට වාර්තා කර තිබෙනවා. එහෙත් සේවය තහනම් කළ සේවකයින් එදින සේවයට වාර්තා නොකළ අතර මේ නිසා ඔවුන්ගේ සේවය අත්හිටුවීමට කළුතර ඩිපෝ බලධාරීන් කටයුතු කර ඇති බවයි සමස්ත ලංකා ප‍්‍රවාහන සේවක සංගමය පෙන්වා දෙන්නේ.
