හැටන් බාලිකාවක සිසුවියන් 6 දෙනෙකු පැනයයි.
2012 ජූලි 09 සඳුදා- පස්වරු 06:34
හැටන් - ශාන්ත ගේබි‍්‍රයල් බාලිකා විද්‍යාලයේ සිසුවියන් 6 දෙනෙකු නේවාසිකාගාරයෙන් අද (09) අලූයම පැන ගොස් තිබෙනවා. එම ශිෂ්‍යාවන් දෙදෙනෙකු 13 ශ්‍රේණියේ ඉගෙනුම ලබන අතර තවත් දෙදෙනෙකු 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබනවා. අනෙක් සිසුවියන් දෙදෙනා 9 සහ 7 යන ශ්‍රේණිවල ඉගෙනුම ලබන බව සඳහන්. ශාන්ත ගේබි‍්‍රයල් නේවාසිකාගාරයේ පාලිකා කන්‍යා සොහොයුරී මැටිල්ඩාගෙන් හිරු ප‍්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඇය සඳහන් කළේ මෙම සිසුවියන් දුම්රිය ඔස්සේ මහනුවර බලා ගමන් කළ බවට තොරතුරු ලැබී ඇති බවයි.
නේවාසිකාගාරයෙන් පැන යාමෙන් පසුව එක් සිසුවියක් තමන්ට දුරකථන ඇමතුමක් ලබාදුන් බව ද ඇය සඳහන් කළා.
අප මේ පිළිබඳව ගිනිගත්හේන පොලීසියෙන් කළ විමසීමකදී ඔවුන් සඳහන් කළේ සිද්ධියට අදාළ පරීක්ෂණ සිදුකරමින් යන බවයි. මෙම සිසුවියන් සම්බන්ධයෙන් තොරතුරක් දන්නා අයෙකු සිටී නම් ළගම තිබෙන පොලිස් ස්ථානය වෙත දන්වන ලෙස ද පොලීසිය ඉල්ලීමක් කළා.
----------------------------------------------------------------------------------------------
හැටන් ප‍්‍රදේශයේ දී පැන ගිය සිසුවියන් පිළිබද තොරතුරු.
හැටන් ප‍්‍රදේශයේ බාලිකා විද්‍යාලයක නේවාසිකාගාරයෙන් පළා ගොස් සිටි සිසුවියන් 6 දෙනා පිළිබද තොරතුරු ලැබී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ එක් සිසුවියක් අම්පාර ප‍්‍රදේශයේ තම නිවසට ගොස් ඇති අතර, අනෙක් 5 දෙනා මින්නේරිය ප‍්‍රදේශයේ තම මිතුරියකගේ නිවසක රැදී සිටින බව දෙමාපියන් වෙත දුරකථනයෙන් දැනුම් දී ඇති බවයි. හැටන් - ශාන්ත ගේබි‍්‍රයල් බාලිකා විද්‍යාලයේ සිසුවියන් 6 දෙනෙකු අද (09) අලූයම නේවාසිකාගාරයෙන් පැන ගොස් තිබුණා.
