පාකිස්තාන - ශ‍්‍රී ලංකා දෙවැනි දිනය වැස්සට සේදේ.
2012 ජූලි 09 සඳුදා- පස්වරු 06:50
සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ශ‍්‍රී ලංකාව අතර පැවැත්වෙන තුන් වැනි සහ අවසන් ටෙස්ට් කි‍්‍රකට් තරගයේ දෙවැනි දිනය අදයි. කෙසේ වෙතත් අද (09) දිනයේ තරගයේ එකඳු පන්දුවක් හෝ යැවීමට අවස්ථාවක් ලැබුණේ නැහැ. අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දෙවැනි දිනයේ තරගය අතහැර දැමීමටයි විනිසුරුවන් තීරණය කළේ. පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්තාන කණ්ඩායම සියලූ දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 226ක්. ඊට පිළිතුරු ලෙස තම ප‍්‍රථම ඉනිම ක‍්‍රීඩා කරන ශ‍්‍රී ලංකා කණ්ඩායම මේ වන විට කඩුලූ 3ක් බිඳ වැටී ලකුණු 44ක් රැස් කරගෙන සිටිනවා. ශ‍්‍රී ලංකා කණ්ඩායම තවමත් පසුවන්නේ පාකිස්තානයට වඩා ලකුණු 182ක් පිටුපසින්.
