කොෆි අන්නන්, සිරියානු නායකයා යළි හමුවේ.
2012 ජූලි 09 සඳුදා- පස්වරු 06:57
එක්සත් ජාතීන්ගේ සහ අරාබි ලීගයේ විශේෂ නියෝජිත කොෆි අන්නන් අද (09)නැවතත් සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්, දමස්කස් නුවර දී මුණ ගැසෙනවා. ඒ සිරියාව සඳහා වන ඔහුගේ සාම සැලැස්ම කි‍්‍රයාවට නැංවීම පිළිබදව සාකච්ඡා කිරීමටයි. එමෙන්ම සිය සැලැස්ම සිරියාවේ ප‍්‍රචණ්ඩ ගැටුම් නතර කිරීමට මෙතෙක් අපොහොසත් වී ඇති බවට සිදුකළ ප‍්‍රකාශයෙන් අනතුරුවයි කොෆි අන්නන් ජනාධිපති අසාද් මුණ ගැසෙන්නේ. මීට සතියකට පෙර පැවැති ලෝක බලවතුන්ගේ සමුළුවකදී ප‍්‍රකාශ වූයේ සිරියාව සඳහා අන්තර් වාර රජයක් බිහි කළ යුතු බවයි. එහෙත් ඇමරිකාව ඇතුළු රටවල් ත‍්‍රස්තවාදී කණ්ඩායම් සන්නද්ධ කරමින් සිරියාව අස්ථාවර කිරීමට උත්සාහය කරන බවට ජනාධිපති බෂාර් අල් අසාද් චෝදනා කරනවා. සිරියාවට එරෙහිව දැඩි සම්බාධක කි‍්‍රයාත්මක කිරීම රුසියාව සහ චීනය විසින් වැළැක්වීමත් සමග එහි දේශපාලන විසඳුමක් ඇතිකරලීම කෙරෙහි ආරක්ෂක මණ්ඩලයේ අවධානය යොමු වී තිබෙනවා. මේ අතර, සිරියානු - තුර්කි දේශසීමාවේ උණුසුම් වාතාවරණයක් පවතින බවයි වාර්තා වන්නේ. සිරියාව විසින් තුර්කි ප‍්‍රහාරක ජෙට් යානයක් බිම හෙලීමත් සමග දෙරට අතර සබඳතා පවතින්නේ අවම මට්ටමකයි. සිරියාව දේශසීමා ප‍්‍රදේශයේ යුද අභ්‍යාසයකට සැරසීමත් සමග එම තත්ත්වය තවදුරටත් උත්සන්න වී ඇති බව සඳහන්.
