Hirunews Logo
%E0%B6%9A%E0%B7%9C%E0%B7%86%E0%B7%92+%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A.
Monday, 09 July 2012 - 18:57
කොෆි අන්නන්, සිරියානු නායකයා යළි හමුවේ.
4

Shares
566

Views


එක්සත් ජාතීන්ගේ සහ අරාබි ලීගයේ විශේෂ නියෝජිත කොෆි අන්නන් අද (09)නැවතත් සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්, දමස්කස් නුවර දී මුණ ගැසෙනවා. ඒ සිරියාව සඳහා වන ඔහුගේ සාම සැලැස්ම ක්‍රියාවට නැංවීම පිළිබදව සාකච්ඡා කිරීමටයි. එමෙන්ම සිය සැලැස්ම සිරියාවේ ප්‍රචණ්ඩ ගැටුම් නතර කිරීමට මෙතෙක් අපොහොසත් වී ඇති බවට සිදුකළ ප්‍රකාශයෙන් අනතුරුවයි කොෆි අන්නන් ජනාධිපති අසාද් මුණ ගැසෙන්නේ. මීට සතියකට පෙර පැවැති ලෝක බලවතුන්ගේ සමුළුවකදී ප්‍රකාශ වූයේ සිරියාව සඳහා අන්තර් වාර රජයක් බිහි කළ යුතු බවයි. එහෙත් ඇමරිකාව ඇතුළු රටවල් ත්‍රස්තවාදී කණ්ඩායම් සන්නද්ධ කරමින් සිරියාව අස්ථාවර කිරීමට උත්සාහය කරන බවට ජනාධිපති බෂාර් අල් අසාද් චෝදනා කරනවා. සිරියාවට එරෙහිව දැඩි සම්බාධක ක්‍රියාත්මක කිරීම රුසියාව සහ චීනය විසින් වැළැක්වීමත් සමග එහි දේශපාලන විසඳුමක් ඇතිකරලීම කෙරෙහි ආරක්ෂක මණ්ඩලයේ අවධානය යොමු වී තිබෙනවා. මේ අතර, සිරියානු - තුර්කි දේශසීමාවේ උණුසුම් වාතාවරණයක් පවතින බවයි වාර්තා වන්නේ. සිරියාව විසින් තුර්කි ප්‍රහාරක ජෙට් යානයක් බිම හෙලීමත් සමග දෙරට අතර සබඳතා පවතින්නේ අවම මට්ටමකයි. සිරියාව දේශසීමා ප්‍රදේශයේ යුද අභ්‍යාසයකට සැරසීමත් සමග එම තත්ත්වය තවදුරටත් උත්සන්න වී ඇති බව සඳහන්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මුහුදු ජීවීන් අලෙවිකිරීමේ ජාවාරම
Saturday, 09 September 2017 - 12:13
දීර්ඝ කාලයක් තිස්සේ මාතර කෝට්ටගොඩ ප්‍රදේශයේ නීතිවිරෝධීව තහනම් මුහුදු ජීවීන් අලෙවිකිරීමේ ජාවාරමක්... Read More
News Image
Hiru News Programme Segments
1,144 Views
12,776 Views
5,023 Views
2,839 Views
60 Views
9,230 Views
Top