මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අද රාජකාරීවලින් ඉවතට.
2012 ජූලි 10 අඟහරුවාදා- පෙරවරු 07:43
දිවයින පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද දිනයේ දී සංකේත වැඩ වර්ජනයකට අවතීර්ණ වීමට තීරණය කර තිබෙනවා. ඒ, ඩෙංගු මර්ධන රාජකාරීවල නිරතව සිටි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු තඹලගමුව ප‍්‍රදේශයේ දී ඊයේ (09) ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය පළ කරමින්. ශ‍්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ කියා සිටියේ ඉදිරියේ දී මහජන සෞඛ්‍ය පරීක්ෂකරුවන් දෙදෙනෙකු නිවාස පරීක්ෂා කිරීම සඳහා යොමු කිරීමට බලධාරීන් කටයුතු කළ යුතු බවයි.
