නාය යෑම් පිළිබඳව දිස්ත‍්‍රික්ක තුනකට අනතුරු ඇඟවීම්.
2012 ජූලි 10 අඟහරුවාදා- පෙරවරු 07:46
දිස්ත‍්‍රික්ක තුනකට නාය යෑම් සහ පස් කඳු කඩා වැටීම් පිළිබදව අනතුරු ඇගවීමක් සිදුකර තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂ සරත් ලාල් කුමාර සඳහන් කළේ මහනුවර, නුවරඑළිය සහ කෑගල්ල දිස්ත‍්‍රික්කවලට ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් මෙලෙස අනතුරු ඇගවීම් සිදුකර ඇති බවයි.
කුඩා ඔය ප‍්‍රදේශයේ දී පස් කඳු කඩා වැටීම හේතුවෙන් අවහිර වූ හැටන් - නුවරඑළිය මාර්ගය යළි යථා තත්ත්වයට පත් කර ඇති බව නුවරඑළිය දිස්ත‍්‍රික් ලේකම් ඞී.පී.ජී. කුමාරසිරි පවසනවා. එමෙන්ම ඊයේ (09) පස්වරුවේ සිට කැනියන් - මාවුස්සාකැළේ සහ ලක්ෂපාන ජලාශවල වාන් දොරටු කිහිපයක් තවදුරටත් විවෘත කර ඇති බව ද ඔහු ප‍්‍රකාශ කළා.
මේ අතර, ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ දී වැසි සහ සුළං තත්ත්වයෙහි අඩුවක් දැකිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ පී.ජී. යසරත්න කියා සිටියේ කෙසේ වෙතත් අද (10) දිනයේ දී බස්නාහිර, දකුණ, සබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බවයි.
