ඊජිප්තු නව ජනපති සහ ආරක්ෂක මණ්ඩලය අතර මත ගැටුම්.
2012 ජූලි 10 අඟහරුවාදා- පෙරවරු 07:58
ඊජිප්තුවේ පාර්ලිමේන්තුව යළි කැදවීම සම්බන්ධයෙන් නව ජනාධිපති මොහොමඞ් මුර්සි සහ එරට හමුදා බලධාරීන් අතර මත ගැටුමක් ඇති වී තිබෙනවා. ඊජිප්තු සන්නද්ධ හමුදා උත්තරීතර මණ්ඩලය ඊයේ (09) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් අධිකරණයේ තීන්දුවට ගරු කළ යුතු බවයි. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තීරණය අවසන් තීන්දුවක් බව ඊජිප්තු අධිකරණය ප‍්‍රකාශ කළා. කෙසේ නමුත් අධිකරණයේ සහ හමුදා ආරක්ෂක මණ්ඩලයේ අනතුරු ඇගවීම් නොතකා පාර්ලිමේන්තුව රැස්කිරීමටයි නව ජනාධිපතිවරයා සූදානම් වන්නේ. අද (10) උදෑසන ඊජිප්තු පාර්ලිමේන්තුව විවෘත කිරීමට පෙර කයිරෝ නුවර නිදහස් චතුරස‍්‍රයට ජනතාව රොක් වෙමින් සිටින බව ද වාර්තා වනවා.
