ගජමුතු සමග මහනුවර දී ඇල්ලූ සැකකරුවන්ට ඇප.
2012 ජූලි 10 අඟහරුවාදා- පෙරවරු 08:04
ගජමුතු සමග මහනුවර දී අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව් දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදා හැර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ එක් අයෙකුට රුපියල් 15,000 බැගින් මුදල් ඇප සහ රුපියල් ලක්ෂයක බැගින් ශරීර ඇප මත මොවුන් ඊයේ (09) මහනුවර මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් මුදා හැර ඇති බවයි. මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ (09) දිනයේයි. ඔවුන් අතර චීවරධාරියෙකු ද සිටින බව සඳහන්.
