ශ‍්‍රී.ල.නි.ප මධ්‍යම කාරක සභාව අද.
2012 ජූලි 10 අඟහරුවාදා- පෙරවරු 08:09
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද (10) පස්වරුවේ රැස්වීමට නියමිතයි. අරලියගහ මන්දිරයේ දී මෙම රැස්වීම පැවැත්වෙන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන්. මැතිවරණය පැවැත්වෙන පළාත් සභා තුනට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහඇමති අපේක්ෂකයන් ලෙස තරග කරන්නේ කවුරුන් ද යන්න පිළිබදව අද (10) පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීමේ දී තීරණය කරනු ඇති. පළාත් සභා තුනට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නාම යෝජනා ලබාදෙන අපේක්ෂකයන් පිළිබදව ද මෙහිදී තීරණයක් ගැනීමට නියමිතයි. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය මෙවර මැතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයන් තේරීමේ කටයුතු ආරම්භ කරනු ලැබුවේ පසුගිය 06 වැනිදායි.
