ගොවීන් වෙනුවෙන් රුධිරය දෙන්න ඇමති මෛත‍්‍රී සූදානම්.
2012 ජූලි 10 අඟහරුවාදා- පස්වරු 12:25
තමාගේ රුධිරයෙන් පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ ගොවීන්ගේ කුසගින්න නැති කළ හැකි නම් ඒ සඳහා සූදානම් බව සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන පවසනවා. පොළොන්නරුව පුලතිසි බුද්ධි මණ්ඩපයේ අද (10) පැවැති දිස්ත‍්‍රික්කයේ ගොවි සමුළුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේ ඊයේ පොළොන්නරුවේ ගොවීන් පිරිසක් පැවැත්වූ විරෝධතාවය පිළිබද අදහස් දක්වමින්. එහිදී උද්ඝෝෂණකරුවන් තමන්ගේ ලේ ඉල්ලා උද්ඝෝෂණය කළ බව ද අමාත්‍යවරයා මෙහිදී සිහිපත් කළා.
මේ දිනවල තමාගේ නිවසේ සිදුකරනු ලබන ඉදිකිරීම් සම්බන්ධයෙන් ගොවීන් එල්ල කරනු ලබන චෝදනා පිළිබදව ද ඔහු මෙලෙස අදහස් පළ කළා.
