සංක‍්‍රමණ ජාවාරම් මැඩලීමට ඒකාබද්ධ වැඩපිළිවෙලක්.
2012 ජූලි 10 අඟහරුවාදා- පස්වරු 12:31
සංක‍්‍රමණික ගැටළුව පිළිබදව ඕස්ටේ‍්‍රලියානු රජය සමග ශක්තිමත් ඒකාබද්ධ වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කිරීමට සූදානම් බව විදේශ අමාත්‍යාංශය සඳහන් කළා. එහි ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු හිරු ප‍්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ශ‍්‍රී ලාංකික අනවසර සංක‍්‍රමණිකයන් ඕස්ටේ‍්‍රලියාවට යාමට ගොස් අනතුරට පත්වීමේ සහ අත්අඩංගුවට පත්වීමේ සිද්ධීන් මේ දිනවල වැඩි වශයෙන් වාර්තා වන බවයි. මෙම තත්ත්වය පිළිබද විශේෂ අවධානයක් යොමු කරමින් ආරක්ෂක කටයුතු පුළුල් කර ඇතැයි විදේශ අමාත්‍යාංශ ප‍්‍රකාශකයා කියා සිටියා. එය නාවික හමුදාවේ මූලිකත්වයෙන් සිදුකෙරෙනු ඇති. මේ වන විට වාර්තා වන්නේ මෙම සංක‍්‍රමණිකයන් බහුතරය තමිල්නාඩුවේ සිට ඕස්ටේ‍්‍රලියාවට පිටත්ව යන බවයි. එහෙත් පසුගිය දින කිහිපය තුළ ශ‍්‍රී ලංකාවේ වෙරළාසන්න ප‍්‍රදේශ රැසකින් එවැනි සංක‍්‍රමණිකයන් රැසක් අත්අඩංගුවට ගත්තා. මෙම සියලූ කරුණු සැලකිල්ලට ගෙන ශ‍්‍රී ලංකා රජය සහ ඕස්ටේ‍්‍රලියානු රජය ඒකාබද්ධව සංක‍්‍රමණික ජාවාරම් මැඩලීම මෙම වැඩපිළිවෙළේ මූලික අරමුණයි.
මේ අතර, ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නිර්මාතෘ එස්.ජේ.වී. චෙල්වනායගම්ගේ පුතු වන එස්.සී. චන්ද්‍රහාසන් ඉන්දියාවේ සිට මෙම සංක‍්‍රමණික ගැටළුව පිළිබද විශේෂ වාර්තාවක් ගොනු කර තිබෙනවා. ඔහු කියා සිටින්නේ තමිල්නාඩුවේ සිට ඕස්ටේ‍්‍රලියාවට ගිය සරණාගතයන් 600 දෙනෙකුගේ පමණ කිසිඳු තොරතුරක් මෙතෙක් ලැබී නොමැති බවයි. මෙම සංක‍්‍රමණිකයන් එල්.ටී.ටී.ඊ. විසින් භාවිත කළ යාත‍්‍රා යොදා ගන්නා බවට ද සැක මතුවී ඇතැයි ඔහු වැඩිදුරටත් ප‍්‍රකාශ කරනවා.
කෙසේ වෙතත්, නීති විරෝධී ලෙස ඕස්ටේ‍්‍රලියාව බලා පිටත්ව යාමට සූදානම්ව සිටි තවත් පුද්ගලයන් දෙදෙනෙකු උප්පුවේලි - සාම්පල්නිධි වෙරළ තීරයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ සදහන් කළේ ඊයේ (09) රාත‍්‍රියේ දී ඔවුන් අත්අඩංගුවට ගත්තේ ඊට අනුබල දුන් සැකකරුවෙකු ද සමග බවයි.
