Hirunews Logo
%E0%B7%83%E0%B6%82%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%AB+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B8%E0%B7%90%E0%B6%A9%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A.
Tuesday, 10 July 2012 - 12:31
සංක්‍රමණ ජාවාරම් මැඩලීමට ඒකාබද්ධ වැඩපිළිවෙලක්.
16

Shares
1,988

Views

සංක්‍රමණික ගැටළුව පිළිබදව  ඕස්ට්‍රේලියානු රජය සමග ශක්තිමත් ඒකාබද්ධ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සූදානම් බව විදේශ අමාත්‍යාංශය සඳහන් කළා. එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ශ්‍රී ලාංකික අනවසර සංක්‍රමණිකයන්  ඕස්ට්‍රේලියාවට යාමට ගොස් අනතුරට පත්වීමේ සහ අත්අඩංගුවට පත්වීමේ සිද්ධීන් මේ දිනවල වැඩි වශයෙන් වාර්තා වන බවයි. මෙම තත්ත්වය පිළිබද විශේෂ අවධානයක් යොමු කරමින් ආරක්ෂක කටයුතු පුළුල් කර ඇතැයි විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා කියා සිටියා. එය නාවික හමුදාවේ මූලිකත්වයෙන් සිදුකෙරෙනු ඇති. මේ වන විට වාර්තා වන්නේ මෙම සංක්‍රමණිකයන් බහුතරය තමිල්නාඩුවේ සිට  ඕස්ට්‍රේලියාවට පිටත්ව යන බවයි. එහෙත් පසුගිය දින කිහිපය තුළ ශ්‍රී ලංකාවේ වෙරළාසන්න ප්‍රදේශ රැසකින් එවැනි සංක්‍රමණිකයන් රැසක් අත්අඩංගුවට ගත්තා. මෙම සියලූ කරුණු සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකා රජය සහ  ඕස්ට්‍රේලියානු රජය ඒකාබද්ධව සංක්‍රමණික ජාවාරම් මැඩලීම මෙම වැඩපිළිවෙළේ මූලික අරමුණයි.

 

මේ අතර, ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නිර්මාතෘ එස්.ජේ.වී. චෙල්වනායගම්ගේ පුතු වන එස්.සී. චන්ද්‍රහාසන් ඉන්දියාවේ සිට මෙම සංක්‍රමණික ගැටළුව පිළිබද විශේෂ වාර්තාවක් ගොනු කර තිබෙනවා. ඔහු කියා සිටින්නේ තමිල්නාඩුවේ සිට  ඕස්ට්‍රේලියාවට ගිය සරණාගතයන් 600 දෙනෙකුගේ පමණ කිසිඳු තොරතුරක් මෙතෙක් ලැබී නොමැති බවයි. මෙම සංක්‍රමණිකයන් එල්.ටී.ටී.ඊ. විසින් භාවිත කළ යාත්‍රා යොදා ගන්නා බවට ද සැක මතුවී ඇතැයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

 

කෙසේ වෙතත්, නීති විරෝධී ලෙස  ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට සූදානම්ව සිටි තවත් පුද්ගලයන් දෙදෙනෙකු උප්පුවේලි - සාම්පල්නිධි වෙරළ තීරයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ සදහන් කළේ ඊයේ (09) රාත්‍රියේ දී ඔවුන් අත්අඩංගුවට ගත්තේ ඊට අනුබල දුන් සැකකරුවෙකු ද සමග බවයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
ලොව සුන්දරම වෙරළ තීරයන් නම් කරයි
Saturday, 25 February 2017 - 11:49
සුවදායි ලෙස නිවාඩුවක් ගතකිරීමට සුදුසු දැනට ලෝකයේ පවතින හොදම වෙරළ තීරයන් ලැයිස්තුව ප්‍රකාශ කර... Read More
News Image
Hiru News Programme Segments
158 Views
4,331 Views
2,710 Views
2,635 Views
3,268 Views
48,546 Views
Top