ශ‍්‍රී ලංකාව දිවා ආහාරයේ දී 142/3යි.
2012 ජූලි 10 අඟහරුවාදා- පස්වරු 12:43
මහනුවර පල්ලෙකැළේ ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තුන් වැනි ටෙස්ට් තරගයේ දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට ශ‍්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලූ 03 ක් දැවී ලකුණු 142 ක් ලබා සිටිනවා. ඒ, පාකිස්තානය සිය පළමු ඉනිම සඳහා සියලූ දෙනා දැවී ලබාගත් ලකුණු 226ට පිළිතුරු ලෙසයි. ශ‍්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් තරංග පරණවිතාන ලකුණු 52 ක් සහ තිලාන් සමරවීර ලකුණු 45 ක් ලබා නොදැවී ක‍්‍රීඩා කරනවා. නොදැවුණු සිව් වැනි කඩුල්ල සඳහා ඔවුන් දෙදෙනා මේ වන විට රැස්කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 98ක්. කෙසේ නමුත් ශ‍්‍රී ලංකාව තවමත් සිටින්නේ පාකිස්තාන පිළේ මුල් ඉනිමේ ලකුණු සංඛ්‍යාවට වඩා ලකුණු 84ක් පිටුපසින්.
