Hirunews Logo
%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA+-+%E0%B7%80%E0%B7%90%E0%B6%BA+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%AD+%E0%B6%9A%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%B1.
Tuesday, 10 July 2012 - 12:47
ජගත් අය - වැය කමිටුවට පාලිත කොහොන.
10

Shares
1,278

Views

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අය වැය කමිටුව සඳහා ජගත් සංවිධාන මූලස්ථානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය පාලිත කොහොන පත් කිරීමට නියමිත බව නිව්යෝක් වාර්තා සඳහන් කළා. ජගත් සංවිධානයේ ආසියානු කණ්ඩායම විසින් ආචාර්ය පාලිත කොහොන ඒ සඳහා යෝජනා කිරීමට නියමිත බව හෙළි කර ඇත්තේ ඉනර් - සිටි - ප්‍රෙස්  වෙබ් අඩවියයි. එය ජගත් සංවිධාන මාධ්‍ය ආවරණවලදී නිරන්තරයෙන්ම ශ්‍රී ලංකාවට එරෙහිව කටයුතු කරන බව ප්‍රසිද්ධ කරුණක්. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අය වැය කමිටුව සඳහා ආචාර්ය කොහොන නම් කිරීම සඳහා ශ්‍රී ලංකාවට ආසියානු කණ්ඩායමේ සහාය ලැබෙන බවයි එමගින් ප්‍රකාශ කළේ. මීට පෙර එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් පිළිබද කමිටුව සඳහා ජගත් සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජ්‍ය නිත්‍ය නියෝජිත මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නම් කළේ ද එහි ආසියානු කණ්ඩායම විසින්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
ලොව සුන්දරම වෙරළ තීරයන් නම් කරයි
Saturday, 25 February 2017 - 11:49
සුවදායි ලෙස නිවාඩුවක් ගතකිරීමට සුදුසු දැනට ලෝකයේ පවතින හොදම වෙරළ තීරයන් ලැයිස්තුව ප්‍රකාශ කර... Read More
News Image
Hiru News Programme Segments
158 Views
4,331 Views
2,710 Views
2,635 Views
3,268 Views
48,546 Views
Top