මන්ත‍්‍රීවරියකට පහරදීමේ චෝදනාවක්.
2012 ජූලි 10 අඟහරුවාදා- පස්වරු 12:48
කහටගස්දිගිලිය ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රීවරියක විසින් තවත් කාන්තාවක් ලවා ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරිනියකට පහර දී ඇති බව හිරු ප‍්‍රවෘත්ති අංශයට අද (10) උදෑසන වාර්තා වුණා. ඒ අනුව අප කළ විමසීමකදී පහරකෑමට ලක්වූ කහටගස්දිගිලිය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කළමනාකරණ සහකාර නිලධාරිනියක වන ඉරේෂා තෙන්නකෝන් තමන් මුහුණ දුන් සිද්ධිය මෙලෙස පැහැදිලි කළා.
චෝදනාව එල්ල වන කහටගස්දිගිලිය ප‍්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රීණී රුචිරා සුබසිංහගෙන් හිරු ප‍්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඇය කියා සිටියේ මෙය ආණ්ඩුව අපහසුතාවට පත් කිරීමේ උත්සාහයක් බවයි.
