බස්නාහිර පළාතේ ස්ථාන රැසක තවමත් ඩෙංගු අවදානම්.
2012 ජූලි 10 අඟහරුවාදා- පස්වරු 12:56
බස්නාහිර පළාතේ ආගමික ස්ථාන සහ සුපිරි හෝටල් ආශ‍්‍රිතව සිදුකළ සමීක්ෂණවලින් ඩෙංගු මදුරුවන් බෝ විය හැකි ස්ථාන රැසක් පවතින බව හෙළි වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය ප‍්‍රකාශ කළා. සුපිරි හෝටල් ආශ‍්‍රිතව ඩෙංගු මදුරු කීටයන් මෙන්ම බරවා මදුරු කීටයන් ද සිටින බව එහිදී අනාවරණය වුණා. අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ සුපිරි හෝටල් සහ සංචාරක නිකේතන 15ක් යොදාගෙන සිදුකළ පරීක්ෂාවේ දී එම සියලූ ස්ථානවල මදුරුවන් බෝවීමේ අවදානම් පවතින බව හෙළිවී ඇති බවයි.
