ශී‍්‍ර ලංකාව 337 යි.
2012 ජූලි 10 අඟහරුවාදා- පස්වරු 05:38
පාකිස්තාන - ශී‍්‍ර ලංකා තුන්වන ටෙස්ට් තරගයේ ශී‍්‍ර ලංකා කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 337 ක් ලබා සිටියදී නිමාවුණා. ශී‍්‍ර ලංකා කණ්ඩායම වෙනුවෙන් තරංග පරණවිතාන සහ තිසර පෙරේරා ලකුණු 75 බැගින් ලබාගත්තා. ඊට අමතරව තිලාන් සමරවීර ලකුණු 73 ක්ද ලබා ගැනීමට සමත් වුණා. පන්දු යැවීමේදී ජුනයිඞ් ඛාන් ලකුණු 70 කට කඩුළු 05 ක් දවා ගත්තා. ශී‍්‍ර ලංකා කණ්ඩායම පළමු ඉනිමේදී පාකිස්තානු කණ්ඩායමට වඩා ලකුණු 111 ක් ඉදිරියෙන් පසුවනවා. පාකිස්තානු කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලකුණු 226 ක් ලබා ගත්තා.
