මු.කො., ටී.එන්.ඒ. හාදකමේ තීන්දුවට තව පැය කිහිපයයි.
අද ජනමතයෙන්
ආණ්ඩුව විදුලිබිල අඩු කරයි ද ?
 
සපුගස්කන්ද පිරිපහදුව.


Sri Lanka Rupee Converter
Amount :
To :
Sri Lanka Rupee Exchange Rate (Rates in LKR)
Country Buying Selling
Australian Dollar 127.87 132.89
Singapore Dollar 99.71 103.25
Japanese Yen 1.28 1.33
British Pound 185.90 191.48
Swiss Franc 130.86 136.00
American Dollar 125.03 128.18
Euro 162.12 167.67
Indicative Rates
Norwegian Krone   22.11
Korean Won   0.11
Jordan Dinar   178.79
Maldive Island Rufiya   8.23
Bahrain Dinar   335.75
Kuwait Dinar   445.08
Oman Rial   328.77
Qatar Riyal   34.77
Saudi Arabia Riyal   33.75
UAE Dirham   34.46
Rates on 2013-05-25
මු.කො., ටී.එන්.ඒ. හාදකමේ තීන්දුවට තව පැය කිහිපයයි.
2012 ජූලි 10 අඟහරුවාදා- පස්වරු 06:40

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය සඳහා තරඟ කරන ආකාරය පිළිබඳව ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් අද (10) පැවැත්වෙනවා. එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ පළාත් සභා මැතිවරණය සඳහා තනිව තරඟ කරනවාද, නැද්ද යන්න පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමුවනු ඇති බවයි. මෙහිදී නැගෙනහිර පළාත් සභාවට දෙමළ ජාතික සන්ධානය සමග එක්වී තරඟ කිරීම පිළිබඳව අවධානය යොමුවනු ඇති බව සඳහන්. දැනට ආරංචි මාර්ග අනුව හිරු ප‍්‍රවෘත්ති අංශයට වාර්තාවන්නේ දෙමළ ජාතික සන්ධානයත් සමග එක්වී කටයුතු කිරීම පිළිබඳව තීරණයකට එළඹී ඇති බවයි. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් අවසන් තීන්දුවකට එළඹීම සඳහා අද රාත‍්‍රී 7 ට ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ උත්තරීතර මණ්ඩලය ද රැස්වීමට නියමිතයි.

 

මේ අතර, පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවද අද (10) රාත‍්‍රී 7 ට රැස්වීමට නියමිතයි. අද දිනයේදී නාමයෝජනා සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුවනු ඇති බවයි වාර්තාවන්නේ. මැති ඇමතිවරුන්ගේ ඳු පුතුන්ට සහ ඥාතිවරුන්ට නාම යෝජනා ලබා නොදීමට ගත් තීන්දුව පිළිබඳව අද (10) දිනයේ යළිත් මධ්‍යම කාරක සභාවේදී සාකච්ජා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. එහිදී අමාත්‍යවරුන් කිහිප දෙනෙක් තමන්ගේ ඳු පුතුන් සඳහා අපේක්ෂකත්වය ලබා ගැනීම සඳහා මධ්‍යම කාරක සභාව මීට පෙර ගත් තීරණය සංශෝධනය කිරීමට යෝජනා ඉදිරිපත් කිරීමට නියමිත බවද වාර්තා වනවා. කෙසේ වෙතත්, මැති ඇමතිවරුන්ගේ ඳු පුතුන්ට සහ ඥාතීන්ට අපේක්ෂකත්වය ලබාදීම සම්බන්ධයෙන් අද දිනයේ මධ්‍යම කාරක සභාව තුළ පුළුල්ව සාකච්ජා වනු ඇති බවයි එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු ප‍්‍රකාශ කළේ.




Bookmark and Share

Post Your Comment
Name
E-mail
Comment
Please type the characters you see in the picture.
 
Terms & Conditions
Please express your views and opinions responsibly on this forum. Note that any comments containing slander, vulgarism, derogatory statements or any foul or abusive language will be deleted. Comments posted contain the comment writer's personal opinion and do not necessarily reflect the views of hirunews.lk.
Readers' Comments - (0)