වැලි ප‍්‍රවාහනකරුවන් මහියංගනයේ උද්සෝෂණයක.
2012 ජූලි 10 අඟහරුවාදා- පස්වරු 07:00
මහියංගනයේ සිට මහනුවර දක්වා වැලි, ගඩොල් ඇතුලූ ගොඩනැගිලි ද්‍රව්‍ය ප‍්‍රවාහනය කරන ප‍්‍රවාහනකරුවන් අද (10) හසලක පාලම් හන්දියේදී උද්ඝෝෂණයක නිරත වුණා. ඔවුන් ප‍්‍රකාශ කළේ තමන්ට තවමත් 18 වංගුව මාර්ගයේ ප‍්‍රවාහන කටයුතු සඳහා අවසර ලැබී නොමැති බවයි. එහෙත් මාර්ග සංවර්ධන අධිකාරියේ බලවතුන්ගේ අවසරයෙන් ඇතමුන් එම මාර්ගයේ නිදහසේ ගොඩනැගිලි ද්‍රව්‍ය ප‍්‍රවාහනය කරන බවටද උද්ඝෝෂණකරුවන් චෝදනා කළා.
උද්ඝෝෂණය අතරතුර එම ස්ථානයට මධ්‍යම පළාත් මහ ඇමති සරත් ඒකනායකද පැමිණියා. අමාත්‍යවරයා කියා සිටියේ මාස දෙකක් ඇතුළත මෙම ගැටළුවට විසඳුම් ලබාදෙන බවයි.
