උ. කොරියාවේ නායකයා පිටුපස නන්නාඳුනන තරුණියක්.
2012 ජූලි 10 අඟහරුවාදා- පස්වරු 07:10
උතුරු කොරියානු නායක කිම් ජොං අං සමග ප‍්‍රසිද්ධියේ පෙනී සිටින තරුණියක් පිළිබඳ දකුණු කොරියානු මාධ්‍ය විසින් වාර්තා කර තිබෙනවා. පසුගිය ඉරිදා උතුරු කොරියානු නායකයා සහභාගී වූ උත්සව දෙකකද, මෙම තරුණිය සිටි බවයි එම මාධ්‍ය වාර්තා විසින් සඳහන් කර තිබෙන්නේ. කෙසේ වූවත්, ඇය කවුරුන්ද සහ ඇගේ වයස සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය කර ගැනීමට නොහැකි වී ඇති බව දකුණු කොරියානු මාධ්‍ය වාර්තා පවසනවා. මේ අතර, මෙම තරුණිය උතුරු කොරියානු නායකයාගේ බිරිඳ හෝ සහෝදරියක් විය හැකි බවද ඇතැම් මාධ්‍ය අනුමාන කරනවා. උතුරු කොරියානු නායකයාගේ පෞද්ගලික ජීවිතය පිළිබඳ තොරතුරු ප‍්‍රසිද්ධ නොකිරීම හේතුවෙන් මෙම තරුණිය පිළිබඳ තොරතුරු හෙලිකර ගැනීමට අපහසුතාවයක් පවතින බවයි දකුණු කොරියානු මාධ්‍ය තවදුරටත් සඳහන් කරන්නේ.
