ශ‍්‍රී ලංකා - පාකිස්තාන සිව් වැනි දිනය අදයි.
2012 ජූලි 11 බදාදා- පෙරවරු 07:23
සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ශී‍්‍ර ලංකාව අතර පැවැත්වෙන අවසන් ටෙස්ට් තරගයේ සිව් වැනි දිනය අදයි. ඊයේ (10) දිනය නිමාවන විට පාකිස්තාන කණ්ඩායම සිය දෙවන ඉනිම සඳහා එක් කඩුල්ලක් දැවී ලකුණු 27 ක් ලබා සිටියා. ශී‍්‍ර ලංකා කණ්ඩායම ඊයේ (10) දිනයේ සිය පළමු ඉනිම අවසන් කළේ සියලූ දෙනා දැවී ලකුණු 337 ක් ලබා සිටියදීයි. පාකිස්තාන කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලකුණු 226 ක් ලබාගත් අතර, මේ වනවිට පාකිස්තාන කණ්ඩායම ශී‍්‍ර ලංකා කණ්ඩායමට වඩා ලකුණු 84 ක් පසුපසින් සිටිනවා.
