පාකිස්ථාන දෙවන ඉනිම 299 / 8
2012 ජූලි 11 බදාදා- පස්වරු 07:13
ශ‍්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේ පැවත්වෙන 3 වන සහ අවසන් ටෙස්ට් තරඟයේ 4 වන දිනය අදයි. අද දිනය නිමාවනවිට සිය දෙවන ඉනිම ක‍්‍රීඩා කරන පාකිස්ථාන කණ්ඩායම කඩුලූ 8 ක් දැවී ලකුණු 299 ක් ලබා සිටියා. ඔවුන් පළමු ඉනිමේදී ලකුණු 226 ක් රැස් කළ අතර ශ‍්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමේදී රැස්කළ ලකුණු සංඛ්‍යාව 337 ක්. පාකිස්ථාන දෙවන ඉනිම වෙනුවෙන් අෂාර් අලී ලකුණු 136 ක් රැස් කළ අතර රංගන හේරත් කඩුලූ 4 ක්ද දිල්හාර ප‍්‍රනාන්දු කඩුලූ 3 ක්ද බිඳ හෙලූවා.
