පාරිභෝගික මිල දර්ශකය ඉහළට.
2012 ජූලි 12 බ්‍රහස්පතින්දා- පෙරවරු 08:10
මැයි මාසයේදී සියයට 7 ක් ලෙස දැක්වුණු කොළඹ පාරිභෝගික මිල දර්ශකය ජූනි මාසයේදී සියයට 9.3 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ශ‍්‍රී ලංකා මහ බැංකුව ප‍්‍රකාශ කළේ වාර්ෂික සාමාන්‍ය උද්ධමනය ජූනි මාසයේදී සියයට 5.8 දක්වා ඒකක 0.2 කින් ඉහළ ගොස් ඇති බවයි. පවත්නා නියං තත්ත්වය නිසා දේශීය ආහාර මිල ගණන් කෙරෙහි ඇතිවුණු අහිතකර බලපෑම ඒ සඳහා ප‍්‍රධාන වශයෙන් හේතුවී තිබෙනවා. වසරේ පළමු මාස 5 තුළදී පෞද්ගලික අංශයට ලබාදුන් ණය වර්ධනය වී ඇත්තේ සියයට 10.5 කින් පමණයි. අදාළ කාලය තුළ ආනයන වියදමේ වර්ධනය වෙළඳ හිඟය අඩුකරමින් සීග‍්‍රයෙන් පහළ බසිමින් තිබෙනවා. මෙම සියලූ තත්ත්වයන් සැළකිල්ලට ගෙන පෙරේදා පැවති මහ බැංකුවේ මුදල් මණ්ඩල රැුස්වීමේදී ප‍්‍රති මිලදීගැනීමේ අනුපාතිකය සියයට 7.75 ක් ලෙසත් ප‍්‍රති විකුනුම් අනුපාතිකය සියයට 9.75 ක් ලෙසත් පවත්වගෙන යාමට තීරණය කළ බවයි මහ බැංකුව තවදුරටත් සඳහන් කළේ.
