ශ‍්‍රී ලංකාවට 270 ක ඉලක්කයක්.
2012 ජූලි 12 බ්‍රහස්පතින්දා- පස්වරු 12:42
සංචාරක පාකිස්ථානු කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන සහ අවසන් ටෙස්ට් ක‍්‍රිකට් තරඟයේ අවසන් දිනයේ දිවා භෝජනය සඳහා තරඟය නතර කරන විට සිය දෙවන ඉනිම ක‍්‍රීඩා කරන ශ‍්‍රී ලංකා කණ්ඩායම කිසිවෙකුත් නොදැවී ලකුණු 27 ක් ලබා සිටිනවා. දෙවන ඉනිම සඳහා ලකුණු 380 ක් ලබා සිටි පාකිස්ථානු කණ්ඩායම අද පෙරවරුවේ ඉනිම අත්හිටුවා ශි‍්‍රී ලංකා කණ්ඩායමට පන්දුවට පහරදීමේ අවස්ථාව ලබාදුන්නා. එහිදී අසාර් අලී පකිස්ථානු දෙවන ඉනිම වෙනුවෙන් ලකුණු 136 ක්ද අසාඞ් ෂෆීක් නොදැවී ලකුණු 100 ක් ලබාගත්තා. තරඟය ජයග‍්‍රහණය කිරීම සඳහා ශ‍්‍රී ලංකා කණ්ඩායමට කඩුලූ 10ක් අතැතිව අද (12) දිනයේදී තවත් ලකුණු 243 ක් ලබාගත යුතු වනවා. දෙරට අතර පැවති ටෙස්ට් තරඟාවලියේ තරඟ එකට බිංදුවක් ලෙස ජයගෙන පෙරමුණේ පසුවන්නේ ශි‍්‍රී ලංකා කණ්ඩායමයි.
