ඛනිඡ තෙල් මිල යලිත් පහළට.
2012 ජූලි 13 සිකුරාදා- පස්වරු 01:14
ලෝක වෙළඳපලේ ඛනිඡු තෙල් මිල තවදුරටත් පහත වැටී තිබෙනවා. ලෝක ආර්ථික වර්ධන වේගය අඩාල වීම ඊට හේතුවයි. ආසියානු වෙළඳපලේ බොරතෙල් බැරලයක් ඊයේ දිනයේදී අලෙවි වූයේ ඇමෙරිකානු ඩොලර් 85 යි ශත 60 ක් ලෙසයි. නිව්යෝක් වෙළඳපොලේ බොරතෙල් බැරලයක් ඩොලර් 85 යි ශත 81 ක් වූ අතර, ලන්ඩන් වෙළඳපොලේ තෙල් බැරලයක මිල ඩොලර් 100 ක් ලෙස සටහන් වුණා. පසුගිය මැයි මාසයේදී ලෝක වෙළඳපොලේ ඩොලර් 106 ක් වූ තෙල් මිල යුරෝපයේ, ඇමෙරිකාවේ සහ චීනයේ ආර්ථික අවගමනය හේතුවෙන් පහත වැටෙමින් පවතිනවා. ආර්ථික
