ඇමෙරිකාව ඉරාන සම්බාධක දැඩි කරයි.
2012 ජූලි 13 සිකුරාදා- පස්වරු 01:18
ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙලට එරෙහිව ඇමෙරිකාව විසින් පනවා ඇති සම්බාධක තවදුරටත් දැඩි කර තිබෙනවා. එක්සත් ජනපද භාණ්ඩාගාරය සඳහන් කළේ ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙලට සහය ලබා දෙන බවට සැකකෙරෙන සමාගම් රැුසක් අසාදු ලැයිස්තුවට ඇතුළත් කළ බවයි. සම්බාධක පනවා තිබියදී ඉරානය සම`ග ගණුදෙණු කළ බැංකු සහ මූල්‍ය සංවිධාන ද ඊට ඇතුළත්. කෙසේ නමුත්, ඉරානය කියා සිටින්නේ සිය න්‍යෂ්ටික වැඩසටහන සාමකාමී බලශක්ති උත්පාදනය සඳහා කි‍්‍රයාත්මක වන්නක් බවයි. ඇමෙරිකාව මෙවර පනවා ඇති සම්බාධකවලින් ඉලක්ක කර ගෙන ඇත්තේ ඉරානයට තවදුරටත් තෙල් අපනයනය සඳහා සහය වන සමාගම් බව සඳහන්.
