කොටස් වෙළෙදපොළ පහළට.
2012 ජූලි 14 සෙනසුරාදා- පෙරවරු 07:35
කොළඹ කොටස් වෙළෙදපොලේ මිල දර්ශක ඊයේ (13) දිනයේ දී මසකින් අවම අගය වාර්තා කළා. ඉහළ යන පොලී අනුපාතික සහ විනිමය අනුපාතවල අස්ථාවරභාවය ඊට හේතුව ලෙස වෙළෙඳපොළ විචාරකයන් පෙන්වා දෙනවා. කොටස් වෙළෙඳපොළ සමස්ත දර්ශකය ඒකක 4.54කින් පහත වැටී 4867.52ක් ලෙස සටහන් වුණා. එය පසුගිය ජුනි 13වැනිදාට පසු වාර්තා වූ අවම අගයයි. කොළඹ කොටස් වෙළෙදපොළේ ඊයේ (13) දිනයේ මුළු පිරිවැටුම රුපියල් මිලියන 299.1ක්. පසුගිය වසරේ කොටස් වෙළෙඳපොළ දිනක පිරිවැටුමේ සාමාන්‍යය පැවැතුනේ රුපියල් මිලියන 937.3ක් ලෙසයි.
