සිරියාවේ ටේරම්සේ සමූල ඝාතනය ලෝක නායකයින් හෙළා දකී.
2012 ජූලි 14 සෙනසුරාදා- පෙරවරු 07:36
සිරියාවේ ටේරම්සේ ගම්මානයේ සිවිල් වැසියන් සමූල ඝාතනය සිරියානු ආරක්ෂක හමුදා විසින් සැලසුම් කොට සිදුකරන ලද්දක් බවට එක්සත් ජනපද රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් චෝදනා නගනවා. සිරියානු හමුදා මෙම ගම්මානයට එල්ල කළ ප‍්‍රහාරයේදී පුද්ගලයන් 200කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. මෙය සිරියානු අරගලයේ දී මෙතෙක් වාර්තා වූ දරුණුතම සිද්ධිය ලෙස සැලකෙනවා. කෙසේ නමුත් සිරියානු හමුදා ප‍්‍රකාශ කළේ තමන් ත‍්‍රස්තවාදීන් විශාල පිරිසක් මරා දැමූ නමුදු ඔවුන් අතර සිවිල් වැසියන් නොසිටි බවයි. සිරියානු සාම සැලැස්ම කි‍්‍රයාවට නැංවීම සඳහා ජනාධිපති බෂාර් අල් අසාද්ගේ කැප වීම පිළිබද මෙම සිද්ධියෙන් බලවත් සැකයක් ඇති වන බව ජගත් සංවිධාන මහලේකම් බෑන් කී මූන් ප‍්‍රකාශ කළා. එක්සත් ජනපදය ප‍්‍රංශය සහ එක්සත් රාජධානිය යන ජගත් සංවිධාන ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයන් සිරියාවට එරෙහි දැඩි පියවරක් අපේක්ෂා කරනවා. එහෙත් රුසියාව සහ චීනය මෙතෙක් ඒ සඳහා සිය අනුමැතිය ලබාදී නැහැ.
