Hirunews Logo
%E0%B6%B8%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B6%AD%E0%B6%B7%E0%B7%9A%E0%B6%AF+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A.
Saturday, 14 July 2012 - 12:19
මුස්ලිම් කොංග්‍රසයේ මතභේද තවදුරටත්.
11

Shares
1,435

Views

මෙවර පළාත් සභා මැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයට සහාය දීමට  තීරණය කළ මුස්ලිම් කොංග්‍රසය තුළ පැවැති මතභේද මෙතෙක් අවසන් වී නොමැති බව එම පක්ෂයේ ආරංචි මාර්ග පෙන්වා දෙනවා. මැතිවරණයේ දී ආණ්ඩුවට එක්වනවා ද නැති ද යන්න සම්බන්ධයෙන් මුස්ලිම් කොංග්‍රසය තුළ අර්බුදකාරී තත්ත්වයක් හටගෙන තිබුණා. ඊයේ මුස්ලිම් කොංග්‍රස උත්තරීතර මණ්ඩලය සන්ධාන ආණ්ඩුවට සහාය ලබාදීමට තීරණය කළ ද පක්ෂයේ තවත් කණ්ඩායමක් එම තීරණය අනුමත නොකරන බවයි වාර්තා වන්නේ. ඒ අනුව පක්ෂයේ එම තීරණය අනුමත නොකරන පිරිස් මේ වන විට වෙනමම සාකච්ඡාවක් ආරම්භ කර ඇති බව ද වාර්තා වනවා. ඒ අනුව මුස්ලිම් කොංග්‍රසයේ ඉහළ පෙළේ නායකයින් කිහිප දෙනෙකු අද පස්වරුවේ කොළඹ දී එම සාකච්ඡාව පවත්වන බවයි වාර්තා වන්නේ. එමෙන්ම සන්ධාන ආණ්ඩුවට සහාය ලබාදීම අනුමත නොකරන මෙම කොංග්‍රස් නායකයින් පිරිස එක්සත් ජාතික පක්ෂයේ නියෝජිත කණ්ඩායමක් සමග හෙට දිනයේ සාකච්ඡාවක් පැවැත්වීමට ද තීරණය කර ඇති බව ද එක්සත් ජාතික පක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කළා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
හිරු උත්තම ධාතු වන්දනාව
Monday, 15 May 2017 - 15:05
උතුම් සම්බුදු තෙමගුල සමරමින් හිරු ටී.වී, හිරු එෆ්.එම් එක්ව සංවිධානය කළ හිරු උත්තම ධාතු වන්දනාවේ... Read More
News Image
Hiru News Programme Segments
283 Views
2,720 Views
3,664 Views
5,225 Views
16,049 Views
56,380 Views
Top