Hirunews Logo
%E0%B7%80%E0%B7%83%E0%B6%BB+50%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%B1%E0%B7%9E%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%B6%E0%B7%8F%E0%B7%80%E0%B6%A7.
Saturday, 14 July 2012 - 12:41
වසර 50කට පසු ඇමරිකානු නෞකාවක් කියුබාවට.
4

Shares
591

Views

වසර 50කට පසු ප්‍රථම වරට ඇමරිකානු භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් මයාමි ප්‍රදේශයේ සිට ඊයේ කියුබාවට පැමිණියා. ආහාර සහ ඖෂධ ඇතුළු මානුෂීය ආධාර එමගින් රැගෙන ආ බවයි හවානා නුවරින් ලැබෙන වාර්තා සඳහන් කළේ. මයාමි ප්‍රදේශයේ වෙසෙන කියුබානු සම්භවයක් සහිත ජන කොටස වෙතින් ලැබෙන සහනාධාර ඉදිරියේ දී මෙලෙස සතිපතා කියුබාව වෙත රැගෙන යාමට සැලසුම් කර තිබෙනවා. කොමියුනිස්ට් කියුබාවට එරෙහිව ඇමරිකානු සම්බාධක ක්‍රියාත්මක වන්නේ 1962 වසරේ සිටයි. එලෙස කියුබාවට එරෙහි ආර්ථික තහංචි පනවනු ලැබුවේ හිටපු ජනාධිපති ජෝන් එෆ්. කෙනඩි විසින්. එහෙත් ජනාධිපති බැරක් ඔබාමා 2009 වසරේ දී කියුබාවට එරෙහි ඇමරිකානු සම්බාධක ලිහිල් කරනු ලැබුවා. මයාමි සහ හවානා අතර නෞකා ගමනාගමනය ස්ථාපිත කිරීම ජනාධිපති ඔබාමා නොවැම්බරයේ පැවැත්වෙන ඇමරිකානු ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන ගනු ලැබූ පියවරක් ලෙස ඇතැමුන් හඳුන්වනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
හිරු උත්තම ධාතු වන්දනාව
Monday, 15 May 2017 - 15:05
උතුම් සම්බුදු තෙමගුල සමරමින් හිරු ටී.වී, හිරු එෆ්.එම් එක්ව සංවිධානය කළ හිරු උත්තම ධාතු වන්දනාවේ... Read More
News Image
Hiru News Programme Segments
176 Views
2,620 Views
3,650 Views
5,185 Views
15,886 Views
56,278 Views
Top