පාකිස්ථානය නිදහසේ එස්.එල්.පී.එල්. එයි.
2012 ජූලි 14 සෙනසුරාදා- පස්වරු 06:42
ශ‍්‍රී ලංකා පි‍්‍රමියර් ලීග් තරගාවලියට සහභාගිවීම සඳහා සිය රටේ ක‍්‍රීඩකයින්ට අවසර ලබාදීමට පාකිස්ථාන කි‍්‍රකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා. එහි උසස් නිලධාරියෙකු ප‍්‍රකාශ කර ඇත්තේ ඔස්ටේ‍්‍රලියානු තරග සංචාරය සහ රාමසාන් උත්සවය හේතුවෙන් සිය ක‍්‍රිකට් ක‍්‍රීඩකයින්ට වෙනත් විස්සයි විස්ස තරගාවලිය සඳහා සහභාගිවීමට අවසර ලබා නොදුන්නත් එස් එල් පී තරගාවලියට සහභාගිවීමට අවසර ලබාදීමට තීරණය කළ බවයි. ඒ අනුව, සයිඞ් අෆ්රිඩි, අබ්දුල් රසාක්, ඉම්රාන් නසීර්, මිස්බා උල්හක්, සයිඞ් අජ්මාල්, උමාර් ගුල්, යුනිස් ඛාන් යන ක‍්‍රීඩකයින් එස් එල් පී එල් තරගාවලියට සහභාගිවීම සඳහා ශ‍්‍රී ලංකාවට පැමිණෙනු ඇති.
