දකුණු මුහුදේ ලස්සන මාළු වැඩිවේ.
2012 ජූලි 15 ඉරිදා- පෙරවරු 07:41
විසිතුරු මත්ස්‍ය කර්මාන්තය නගා සිටුවීම සඳහා විශේෂ නියමු ව්‍යාපෘතියක් දැන් කි‍්‍රයාත්මකයි. රුහුණු විශ්වවිද්‍යාලයේ ධීවර හා මත්ස්‍ය ජීව විද්‍යා අංශය එය කි‍්‍රයාත්මක කරන අතර, ආරම්භයේදී දකුණු මුහුදු තීරය යොදා ගනිමින් ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්තේ. රුහුණු විශ්වවිද්‍යාලයේ ධීවර හා මත්ස්‍ය ජීව විද්‍යා අංශය සඳහන් කළේ දැනට අපනයනය කෙරෙන විසිතුරු මසුන්ට වඩා ගුණාත්මක බවින් සහ ජීව කාලයෙන් වැඩි මත්ස්‍යයන් අභිජනනය කිරීම මෙහි අරමුණ බවයි.
