ජේසු තුමන් වෙනුවෙන් බ‍්‍රසීලයේ මිලියනයක් පෙළපාලියක.
2012 ජූලි 15 ඉරිදා- පෙරවරු 11:22
ලොව වැඩිම රෝමානු කතෝලික ජනගහනයක් වෙසෙන බ‍්‍රසීලයේ රියෝ ඩි ජැනෙයිරෝ අගනුවර ඊයේ පැවති ආගමික පෙළපාලියකට මිලියනයකට අධික පිරිසක් සහභාගි වුණා. ජේසුස් වෙනුවෙන් පා ගමන ලෙස නම් කර තිබූ එම පෙළපාලියට සහභාවිවීම සඳහා බ‍්‍රසීලයේ විවධ ප‍්‍රදේශවලින් ජනයා පැමිණ සිටි බව සඳහන්. ඔවුන් ආගමික ගීතිකා ගයමින් මෙලෙස රියෝ නුවර වීථිවල ගමන්ගත්තා. මෙම ආගමික පෙලපාලිය බ‍්‍රසීලයේ ක‍්‍රියාත්මක වන්නේ 1991 වසරේ සිටයි. නිසි තැන ඉල්ලා බ‍්‍රසීලයේ සමලිංගිකයන් සහ බහු ලිංගිකයන් පවත්වන වාර්ෂික පෙළපාලියට ප‍්‍රතිචාර දැක්වීමද එහි තවත් අරමුණක්.
