ජපානයේ ගංවතුරෙන් අතුරුදන් වූ පුද්ගලයන් සොයා විශේෂ මෙහෙයුමක්.
2012 ජූලි 15 ඉරිදා- පස්වරු 04:23
ජපානයේ ප‍්‍රදේශ කිහිපයකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් අතුරුදන් වූ පුද්ගලයන් සොයා එරට ආරක්ෂක අංශ විසින් විශේෂ මෙහෙයුමක් දියත් කර තිබෙනවා. ජපානයේ පසුගිය දෙදින තුළ ඇති වූ වර්ෂාපතනය හේතුවෙන් මේ වන විට ප‍්‍රදේශ කිහිපයක ගංවතුර තත්ත්වයක් හට ගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. දැනට ජපානයේ කියුෂු ප‍්‍රදේශයට මෙම ගංවතුර තත්ත්වය දැඩි ලෙස බලපා ඇති බව සඳහන්. මේ හේතුවෙන් පුද්ගලයන් 22 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී තවත් 7 දෙනෙකු පමණ අතුරුදන්වි තිබෙනවා. තවත්, දෙලක්ෂයකට ආසන්න පුද්ගලයින් සංඛ්‍යාවක් ගංවතුර හේතුවෙන් පීඩාවට පත්ව ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.
