රතු ළූණු කිලෝව 40යි.
2012 ජූලි 15 ඉරිදා- පස්වරු 06:17
යාපනයෙන් ලැබෙන රතුළූණු සඳහා වෙළඳපොලේ වැඩි ඉල්ලූමක් පවතින බව ආර්ථික මධ්‍යස්ථාන පවසනවා. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පසුගිය දෙදින තුළ යාපනයෙන් රතුළූණු කිලෝග‍්‍රෑම් ලක්ෂයකට ආසන්න ප‍්‍රමාණයක් ලැබී තිබෙනවා. පසුගිය දිනවල වෙළඳපොලේ රතුළූණු කිලොග‍්‍රෑමයක් අලෙවි වූයේ රුපියල් 90 ත් 120 ත් අතරක මිලකටයි. යාපනයෙන් ලැබුණු රතු ළූණු ප‍්‍රමාණය වැඩිවීම නිසා මේ වන විට වෙළඳපොලේ රතුළූණු කිලෝග‍්‍රෑමයක් අලෙවි වන්නේ රුපියල් 40 ත් 60 ත් අතර මිලකටයි. තවදුරටත් යාපනයෙන් රතුළූණු ලැබෙමින් පවතින බවයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය සඳහන් කළේ.
