මහනුවර රෝහලේ අනවසර ඉඩම් පවරා ගැනීමට පියවර.
2012 ජූලි 15 ඉරිදා- පස්වරු 06:25
අනවසරයෙන් පවරාගෙන ඇති මහනුවර මහරෝහලට අයත් සියලූ ඉඩම් වහාම නැවත පවරා ගැනීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. මහනුවර මහරෝහලට අයත් අක්කර 50ක පමණ මුළු භූමි ප‍්‍රදේශයෙන් අක්කර 30ක් පමණ විවිධ පුද්ගලයින් විසින් නීති විරෝධීව අත්පත් කරගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයාට ලැබුණු පැමිණිල්ලක් මත සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විශේෂ අධ්‍යයනයක් සිදුකළා. එහිදී හෙළි වූ තොරතුරුවලට අනුව අදාළ ඉඩම් බලෙන් අත්පත් කරගත් කාල වකවානු සහ අදාළ පුද්ගලයන් පිළිබද සවිස්තර වාර්තාවක් සකස් කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. ඒ අනුව අදාළ ඉඩම් වහාම නැවත පවරා ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන විසින් නියෝග කර තිබෙනවා. ඉදිරි සති කිහිපය තුළ මෙම ඉඩම් බලෙන් පවරා ගත් පුද්ගලයින්ට එරෙහිව නඩු පැවරීමට ද නියමිතයි. සෞඛ්‍ය අමාත්‍යාංශය සහ මධ්‍යම පළාත් සභාව ඒකාබද්ධව මේ සඳහා අවශ්‍ය ඉදිරි පියවර ගනු ලබන බව එම අමාත්‍යාංශයේ ප‍්‍රකාශයෙකු හිරු ප‍්‍රවෘත්ති අංශයට කියා සිටියා.
