චීනයේ හඳුනා නොගත් සමේ රෝගයක් පැතිරෙයි.
2012 ජූලි 15 ඉරිදා- පස්වරු 06:29
චීනයේ - හුනාන් ප‍්‍රාන්තයේ පැතිර යන සමේ ඇති වන ආසාදිත තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයන් 17 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. තවත් 35,000 ක් පමණ ආසාදනයට ගොදුරු වී ඇති බවයි විදෙස් වාර්තා කළේ. මුඛයේ, අත්වල සහ පාදවල ඇති වන මෙම ආසදිත තත්ත්වය දින කිහිපයක් තුළ දරුණු තත්ත්වයට පත්වන බව සඳහන්. විශේෂයෙන් චීනයේ - හුනාන් ප‍්‍රාන්තයේ වයස අවුරුදු 5 ට අඩු දරුවන් වැඩි වශයෙන් මෙම රෝගයට ගොදුරු වී තිබෙනවා. රෝගය වැළඳීමට නිෂ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය වී නැහැ. කෙසේ වුවත්, චීනයේ සෞඛ්‍ය අංශ මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකොට වෛද්‍ය පරීක්ෂණ සිදුකරන බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් වාර්තා කළේ.
