හිලරි ක්ලින්ටන්ට තක්කාලි ප‍්‍රහාරයක්.
2012 ජූලි 16 සඳුදා- පෙරවරු 07:48
ඇමරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන්ට ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩි‍්‍රයා නුවරදී තක්කාලි ප‍්‍රහාරයක් එල්ලවී තිබෙනවා. ඇමරිකානු කොන්සාල් කාර්යලයක් විවෘත කිරීමේ උත්සවයක් සඳහා පැමිණෙන අවස්ථාවේ විරෝධතාවයක නිරතවී සිටි පුද්ගලයින් විසින් හිලරි ක්ලින්ටන් ගමන්ගත් වාහන පෙළට තක්කාලි ප‍්‍රහාරය එල්ල කර ඇත්තේ. එම තක්කාලි ප‍්‍රහාරයට අමතරව විරෝධතා කරුවන් ජල බෝතල් සහ සිය සපත්තුවලින්ද එම රථ පෙළට ප‍්‍රහාර එල්ල කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එමෙන්ම ඔවුන් ‘‘මොනිකා මොනිකා’’ යනුවෙන් හඩ නැගූ බවයි එම වාර්තා සඳහන් කරන්නේ. කෙසේ වෙතත් එම තක්කාලි ප‍්‍රහාරයෙන් හිලරි ක්ලින්ටන් ගමන් ගත් රථයට හානි සිදුවී නැහැ. එමෙන්ම ඊට ප‍්‍රතිචාර දක්වමින් හිලරි ක්ලින්ටන් පවසා ඇත්තේ මෙම තක්කාලි ප‍්‍රහාරය සුළු පිරිසකගේ ක‍්‍රියාවක් නිසා එය සැහැල්ලූවෙන් බැහැර කිරීමට තමාගේ හදවත සූදානම් බවයි.
