නාවිකයන්ට සහ මහනුවර ඇතුලූ උඩරට සිංහයන්ට ජය.
2012 ජූලි 16 සඳුදා- පෙරවරු 07:53
සති අන්තයේ පැවති අන්තර් සමාජ රග්බි ලීග් තරඟාවලියේ තරඟවලින් නාවික, කදුරට සිංහ සහ මහනුවර ක‍්‍රීඩා සමාජ ජයග‍්‍රහණය කිරීමට සමත් වුණා. එහිදී කඳුරට සිංහ ක‍්‍රීඩා සමාජය විසින් යුද හමුදා කණ්ඩායම 23 ට 20 ක් ලෙස තියුණු තරඟයකින් අනතුරුව පරාජයට පත් කළා. එමෙන්ම මහනුවර ක‍්‍රීඩා සමාජය සහ ගුවන් හමුදා කණ්ඩායම අතර පැවති තරඟය ලකුණු 54 ට 3 ක් විශිෂ්ඨ ජයග‍්‍රහණයක් ලැබීමට මහනුවර කණ්ඩායම සමත්වුණා. මේ අතර වැලිසර නාවික හමුදා පිටියේ පැවති නාවික හමුදාව සහ සී.ආර්. ඇන්ඞ් එෆ්.සී. අතර පැවති තරඟය නාවික හමුදා කණ්ඩායම ජයග‍්‍රහණය කළේ ලකුණු 58 ට 17 ක් ලෙසයි.
