අප‍්‍රිකානු සංගමයේ සභාපති ධූරයට කාන්තාවක්.
2012 ජූලි 16 සඳුදා- පෙරවරු 08:13
අප‍්‍රිකානු සංගමයේ සභාපති ධූරයට පළමු වතාවට කාන්තාවක් තේරී පත්වී තිබෙනවා. දකුණු අප‍්‍රිකාවේ ස්වදේශ කටයුතු ඇමතිනිය වන ඞ්ලාමිනි ශූමා මෙලෙස එම සංගමයේ පළමු සභාපතිනිය ලෙස තේරී පත්වී ඇත්තේ. හිටපු දකුණු අප‍්‍රිකානු ජනාධිපති ජෙකොබ් ශූමාගේ බිරිඳ වන ඇය මෙම සභාපති තනතුර සඳහා පැවති නිලවරණයේදී සාමාජික රටවල් 54 න් ඡන්ද 37 ක් ලබාගැනීමට සමත් වුණා. අප‍්‍රිකානු සංගමයේ සභාපති ධූරයට පලමු වතාවට කාන්තාවක් තේරී පත්වීමත් සමග අප‍්‍රිකා කලාපය තුළ කාන්තාව මුහුණ පාන සමාජීය ගැටලූ රැසකට ප‍්‍රායෝගික විසඳුම් ලැබිය යුතු බවට විචාරකයින් මත පළ කරනවා.
