හීත්‍රෝ ගුවන් තොටුපල ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගෙන් පිරෙයි.
2012 ජූලි 16 සඳුදා- පස්වරු 12:57
ඔලිම්පික් තරඟාවලියට සහභාගිවීම සඳහා ලෝකයේ බොහෝ රටවලින් ක‍්‍රීඩික ක‍්‍රීඩිකාවන් රැසක් අද සිට ලන්ඩන් නගරය වෙත පැමිණීමට නියමිතයිග අද දිනයේදී හීත්‍රෝ ගුවන් තොටුපලින් ලන්ඩනයට පැමිණෙන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ සංඛ්‍යාව එක්ලක්ෂ විසිදහසකට ආසන්න බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. මේ මස 27 වැනිදා ආරම්භ වන ඔලිම්පික් උළෙල නියෝජනය කරන රටවල ක‍්‍රීඩා නිලධාරීන් මීට දින දෙකකට පෙර ලන්ඩනයට ළඟාවුණා. මෙවර ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල පැවැත්වෙන ක‍්‍රීඩා ගම්මානයේ 16000 කට පමණ නවාතැන් ගැනීමට ඉඩ පහසුකම් සළසා ඇති බව සඳහන්.
