උතුරු කොරියානු හමුදා ප‍්‍රධානියා ඉවත් කෙරේ.
2012 ජූලි 16 සඳුදා- පස්වරු 05:05
ලොව විශාලතම යුධ හමුදාවකට නායකත්වය සපයන උතුරු කොරියානු හමුදා ප‍්‍රධානී රී - යොං - හෝ, ඔහුගේ තනතුරෙන් ඉවත් කර තිබෙනවා. උතුරු කොරියානු ජනාධිපති කිම් ජොං අන් එම තීරණයට එළඹී ඇත්තේ කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ රැස්වීමකින් අනතුරුවයි. රෝගී තත්ත්වය හේතුවෙන් හමුදා ප‍්‍රධානියා ඉවත් කළ බව උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය ප‍්‍රකාශ කළා. එහෙත් විචාරකයන් පෙන්වා දෙන්නේ සිය පියාගේ අභාවයෙන් බලයට පැමිණි උතුරු කොරියානු ජනාධිපති කිම් ජොං අන් සහ ප‍්‍රබල හමුදා ප‍්‍රධානීන් අතර මත ගැටුමක් ඊට ඉවහල්වන්නට ඇති බවයි. එය හමුදාව තුළ සිය බලය තහවුරු කර ගැනීමට නව ජනාධිපතිවරයා ගනු ලැබූ පියවරක් ලෙසත් ඇතැමුන් හඳුන්වනවා.
